loku ptha

loku ptha

Saturday, February 16, 2013

ජීවිතේ සතුටයි කියලා ලං වෙච්ච හැමදෙයක්ම අවසානේ දුකෙන් කෙලවර වුනා කියලා දැනෙනවා

ඔයා මගේ ලග පාත හිටියේ නැතත් මට හිතෙනවා මේ දේ ඔයාට කියන්න ඕනේ කියලා කව්රු ලග හිටියත් සමහර වේලාවට මට දැනෙනවා මම මහා තනි වෙච්ච මිනිහෙක් කියලා ජීවිතේ සතුටයි කියලා ලං වෙච්ච හැමදෙයක්ම අවසානේ  දුකෙන් කෙලවර වුනා කියලා දැනෙනවා 

ඔයාව දකින්න ඔයා දිහා බල බල යාලුවෝ විහිළු කර කර ජීවත් වුනේ කෙටි කාලයක් උනත් සතුටට වැඩිය තිබුනේ දුකක් ඒ ඔයා නිසා ඔයා හිතන්න එපා මේක චෝදනා කරනවා කියලා නැ මේක පැහැදිලි කිරීමක් 

දැන් අපි දෙන්නම තැන් දෙකක හැබැයි  එකම රටක කවදා හරි දවසක අපි දෙන්නා අපි දෙන්නට නොදනිම මැරිලා යාවි එහෙම කිව්වම දුකයි තම එත් නොපෙනන ඇත්තත් එකමනේ ඒ කොහොම උනත් මගේ හිතේ එකම එක හීනයක් තියනවා ඒ තමයි ජීවිතේ කවදා හරි ඔයා පන්තියේ වගේම එකම එක සැරයක් හිනා වෙලා දකින්න තියනවනං 

මම ඔයාව ඉස්සරලම දැක්කේ දෘඩ පන්තියේ ඔයයි දිල්හානි තවත් ඔයාලගේ ඉස්කෝලේ ගැනුලමයෙකුයි පන්තියට ඇවිත් අපි ඉස්සරහම බැංකුවේ හිනා වේවි වැඩි උනා ඔයා නං හිනා වුනේ දත් නොපෙනෙන්ඩ දවසක් මම සුදර්ශනට කිව්වා "අර පොඩි කැල්ල දත් මදින්නේ නැද්ද කොහෙද " කියලා සුදා ගත් කටටම කිව්වා "අනුන්ගේ මගුල් බලන්නේ නැතුව ඔය දුන්න plan එක අදපන්කෝ "කියලා මට හිතුනා නැ මුකුත් නැ 

මම ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයා ගැන හීනයක් මැව්වා අනේ මටත් පිස්සු ඔයාටත් හිතෙයි මම දැක්ක හීන දන්නවනං දවසක් මම දැක්ක ඔයා අපේ ගෙදර එනවා ඇවිත් පිට්ටනියේ සෙල්ලන් කරන කොල්ලෝ ඕන තරං මගෙන්ම ඔයා ගෙදරකට යන address එකක් ඇහුව බැලින්නන් ඒ අපේ ගෙදර address එක මමත් උද ගියා පස්සේ මම ඔයාට පාර කියලා අපේ ගෙදරට යැව්වා ඔයා ඇවිත් තිබුනේ අපේ සියට කියලා ඔයාගේ හදහන බලව ගන්න එක පාරට වින්කියා ඇවිත් අදට පැන්නා මම උඩ  ගිහින් ඇහැරුනා ඒ වගේ තාමත් මම ඔයාව හීනෙන් දකිනවා ඔයාගේ හීනේ මම නැති බවත් දැන දැන තාමත් මම ඔයාව හීනෙන් දකිනවා 

ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තිබුනා එකදෙයක් තමා මම ඔයාගෙන් ඉගන ගත්තා ඒ තමයි මොන දේ උනත් මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න 

අහසේ තරු එක වගේ නොව්නත් ඒ හැම තරුවක්ම අපිට එක වගේ පෙනෙන්නේ අපි තරු දිහා බලන ආකාරයට මම දන්නවා එහෙම කියලා ඔයාගේ හිත වෙනස් කරන්න මට බෑ මට හිතනා දේ තමා ඔයාටවත් මටවත් ආයේ කවදාවත් ආදරේ කරන්න ඉඩක් හදලා දීලා ලෝකේ හැටි එහෙම තමා මේ ලෝකේ හමු වීම් වෙන්වීම් වලින් කෙලවර උනත් වෙන්වීම් කවදාවත් හමුවීමකින් කෙලවර වෙලා නැ 

දැන් ඔයා ඇස පියන් හිතනවා ඇති මම ඔයාට කොච්චර ආදරේ කරත් ඒ ආදරේ පිදෙන්න කව්රුත් ඉඩක් හදල දුන්නේ නැ නේද කියලා එක ඇත්ත උනත් දැන් ඒ ගැන දුක් වෙලා වැඩක් නැ අද ඔයයි මායි ඉන්නේ දෙතැනක වෙනසකට තියෙන්නේ මම තාමත් ඔයා ගැන හිත හිත තනිකඩව ඉන්නවා ඔයා ඔයාගේ bf එක්ක අනාගතේ පිබුරු පත් හදනවා පුළුවන්නන් ආයේ එකම එකම පරාක් හිනා වෙලා යන්න එන්න මම යනවා 

Tuesday, February 12, 2013

එක පාරක් කතා කරලා මුණ ගැහිලා යන්න එන්න එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි

මගේ ඇස මටත් හොරෙන් මොනාද හොයමින් ඉන්නවා  මම මොනාද හොයමින් ඉන්නේ මම මටත් වඩා ආදරේ කරපු ඔයාවද??මට හම්බුනා දින පොතක් මම ඒ දින පොතේ පිටු පෙරලුව එකේ මෙන්න මෙහෙම ලියලා  තිබ්බා" මම දන්නේ නෑ ලියන්නේ ඇයි කියලා" දන්නෙම නැති උනත් කදුළු කට ඇස කොනට ඇවිත් තිබ්බා මම මේක කියවනකොට මට මතක් උන ඔයාව හරියට ඔයා හිනා වේගෙන මන් දිහා බලන් දවසක් පන්තියට ආවා මතකද මම එදා ඇදන් ඇවිත් තිබුනේ රතු පාට T එකක් මම තව ටිකක් කියෙව්වා මං මහා පව් කාරයෙක්ද සමනලියක් වගේ තිබ්බා පුංචි හිතට මම දුකක් දුන්නද??? දන්නේ නැ මම කියන්න මං කොහොමද මටම සමාවක් දෙන්නේ ඒ අහිංසක ලෝකය ගොඩනැගිල තිබ්බේ වෙන කෙනෙක් ගාව මම ඒ අහිංසක පුංචි කුරුළු පැටියව මම රිද්දුවද?? දැන් මගේ හිත කැඩිලා ඉරි තලලා හරියට මගේ අත පය පා වැඩ කරන්නේ නැතුව වගේ අනේ එක පාරක් කතා කරලා එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි මම දින පොත කියවන එක නැවැත්තුවා මම සිහිටපත් කරේ දවසක් ඔයයි මමයි කතා කරේ මතකද එදා ඔයා මට කිව්වා ඒවා මට හිතුනා ආදරේ කරන හැමෝටම එක පාරක් මුනෙන් මුණ මුණ ගැහෙන්න පුළුවන්නන්

 මට මතකයි දවසක් නිප්පා එක්ක ගුවන් පාලම උඩට වෙලා ඈත එන ඔයයි ඔයාගේ යාළුවා දිල්හානියි දිහා බලාගෙන ඉන්නවා එතකොට මට මතක විදිහට නිප්පයි දිල්හානි සැට්  වෙලා වැඩි කාලයක් නැ සමහරවිට ඔයාට ඒ ගැන  පුංචිම මතකයක්වත් නැතුව ඇති එත් අමාරුවෙන් මතක් කරලා බලන්න ආදරේ හිතට දැනුන දවසක් ඔයාටත් මේක ලොකු රහසක් කාටවත් කියන්න එපා කිව්වා මතකද හරි ජොලි නේද දැන් මතක් වෙලා හිනා වෙනවා ඇති  ඔය එක්ක කතා කරන්න chat කරන්න හදපු හැම පාරම මට අමතක වෙනවා කියන්න යන දේ  

අපි හැමෝම අපිට කැමති රුප ගැන කතා කරනවා සමහර විට බෝනික්කෝ වගේ ලස්සන රුප වෙන්න පුළුවන් එහෙමත් නැත්තන් යෝදයෝ වගේ ශක්තිමත් අයගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට  මේවා බොලද වැඩ වගේ පෙනුනට ඇත්තටම කිව්වොත් අපි හැමෝගෙම හිතේ අදුන රුපයක් තියනවා මනුස්ස අපි හැමෝගෙම මම හෙම වෙලේම හොයල බැලුවේ ඔයා මට අකමැති වෙන්න තියන මගේ අඩුව මොකද්ද කියලා 

මම ඔයාට ලිව්මක් ලියනකොට මම ඉස්සර්ලම හිතුවේ මම කොතනින් පටන් ගන්නද කියලා ඒත් මම ලිව්ම ලියන්න පටන් ගත්තා හීන කොච්චර ලස්සන උනත් ඒවා පෙනිලා නොපෙනිලා යන දේදුන්න වගේ හීන ගැන වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා ඒවා බොද වෙලා යනකොට හිතට දුක වැඩි හරියට අද වගේ අද මේක ලියනකොට මට ගොඩක් ඇඩුනා ඔයා දන්නවද ඔයා වෙනුවෙන් අඩපු දවස් කොච්චර තියනවද?? මම room එකේ දොර වහ ගත්තා ලැප්ටොප් එකේ විරහා ගීතයක් දාගෙන එකත් එක්කම තනි උනා  හිතේ දුක නැති හදවත කීරි ගැහුනා ඔයා දිහා බලන හැම පාරම එත් මම මගේ ජීවිතේ ගොඩක් දේවල් ඉගන ගත්තා අහස් මාලිගා කඩන වැටෙන එක ඔයා මට කියලා දුන්නා 

බොහොම කාලෙකට කලින් ඔයාට ලිව්වා නිසදැසක් මම අද කියෙව්වා එත් ඔයා තරම් මගේ හිතේ කා වැදුන  කෙනෙක් තවත් නැ සමහරු ජීවිතේට ඇවිත් නොකියම යනවා තවත් සමහරු ඇවිත් ලොකු ලොකු ආඩි තියලා නොකියම යනවා ඔයාගේ බ්ෆ් පෙන්නලා මගෙන් අහනවා එය මට හොදද කියලා මම මොනවා කියන්නද එල එල කියල හිත හදා ගත්තා 

අයෙමත් අදවසක මුණ ගැහිලා 
එක පාරක් කතා කරලා මුණ ගැහිලා යන්න එන්න  එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි

Tuesday, February 5, 2013

මගේ ඇස් හිත ඔයාව හොයා හොයා ඉන්නකොට නිප්පා කිව්වා


මං මං ඇතුලෙම තනි වෙද්දී මගේ ජීවිතේ ගැන මට දුක හිතෙනවා ඇයි මං ඉපදුනේ කියලා හිතෙනවා අහස පුරා තරු පායලා තිබුනට ඒ එකම එක තරුවකට අයිතිවාසිකමක් කියන්න මට පුලුවන්ද??? හ්ම්ම්ම්ම්ම්ම්ම් තරු පයලා තියන හිස් අහස යට මගේ තනිකම කොච්චරක්ද??? ඔයා දැන් NIBM යනවලු එහෙනං හොද BF කෙනෙකුත් හම්බෙලා එහෙම ඇති හ්ම්ම්ම් මේක බැලුවොත් ඔයාට හිතෙයි මගෙන් අහන්න ඔයා මට තාමත් ආදරෙයිද කියලා කෙටිම උත්තරේ ඔව් ඇත්තම කියනවනං එදා පන්තියේදී facebook එකේදී කිව්වා වගේම මම ඔයාට ආදරෙයි තාමත් මම මෙහෙම ලිව්වා කියලා මන් එක්ක තරහ වෙන්න එපා වෛර කරන්න එපා මම මේක ලියන්නේ හිතේ තියන දුක අඩු වෙන්න කතාවක් තියනවනේ අපි කන හැටි ලිපා දනී කියලා 
මේ හැම දෙයක්ම මෙහෙම වෙනකොට මට ඔයාට කියන්න දෙයක් තියනවා දෘඩ පන්තියේ වගේම ඔයාව අයේ දකින්න ලැබෙන්නේ නැ වගේම ඔයා මගේ ජීවිතේට එන්නේ නැ කියලා දැන දැනත් ඔයා එන්නේ නැති පාර දිහා බලාගෙන ඉන්නවා මම 

ඉස්සර මම ආදරේ කරන්න කෙල්ලෙක් හෙව්වා මම ආදරේ කරපු අය මට ආදරේ නෑ මම හිතින් ආදරේ කරා මම පස්සේ ගිය අය මන් දිහා බැලුවේ නෑ එත් එක දවසක් පන්තියේදී ඔයාව දැක්කම මට හිතුනා මම ආදරේ කරන්න හොය හොයා හිටිය කෙනා ඔයා නේද කියලා එදා මට ඇස්පිය ගහන්නත් අමතක වෙලා හිටියේ රෝස පාට දෙකම්මුල් නීල නයන දහසක් මල් පරදන හිනාව හංස ගමන් ලතාව සංදේශ කවි දහසක් එක්ක මගේ හිතේ ඔය ගැන මොකද්දෝ මන්දා ලොකු ආදරයක් හිතේ දෝං කාර දුන්න ටික දවසකින් මගේ ඇස් හිත ඔයාව හොයා හොයා ඉන්නකොට නිප්පා කිව්වා ඔයාගේ යාළුවා facebook ඉන්නවා කියල මම ගෙදර ආව ගමන් ෂණික fb  log  වෙලා දිල්හානිට req එකක් දාලා බැලුවා ඔයත් ඉන්නවද කියලා ඔව් ඔයත් හිටියා එදා ඉදන් මම fb ලොග් උනේ ඔයත් එක්ක එකම එක cht කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයා එක්ක cht එකක් දාලා පන්තියේදී දැනුන ඔයාගේ සුවදත් එක්ක මම මගේ මුළු කබරේ පුරාම ඇවිද්දා ඔයාව මගේ ලගින් තියන් විහිළු කතා කියා කියා ඔයා හිනා වෙනහැටි දිහා බලන් මමත් හිනා උනා  "මොකද කෝට්ටේ බදාගෙන තනියම හිනා වෙන්නේ පිස්සුද " කියල අහනකොට තමා මම පියවි ලෝකෙට ආවේ එතකන් මම ඉදලා තියෙන්නේ ඔයත් එක්ක හිනා ලෝකේ 

ටික දවසක් යනකොට මට ඉදලා හිටලා ඔයාව fb එකේදී සෙට් වුනා මට ඔයාට ඇහෙන්න ආදරෙයි කියන්න බැරි උනාට මට ඕනේ උනේ මගේ ආදරේ ඔයාට දන්වන්න විතරයි මම ඔයාට ලිවුම් 123ක් ලිව්වත් මම ඔයාට දුන්නේ ලිවුම් 2යි එත් ඔයා ලියලා දුන්න ලිවුම් වල ලියලා තිබුනේ පාඩන් කරලා හොදට ඉගන ගන්න කියලා විතරමයි 

මාස ගානකට පස්සේ ඒ  අවාසනාවන්ත දවස උදා වුනා  2010/10/02 ඔයා මට හිනා වෙලා වගේ  කිව්වා "මලිත් මම දැන්ම bf තියාගන්න කැමති නෑ" කියලා මම කිව්වා මම කැමති කාලයක් බලන් ඉන්නන් කියලා ඔයා මුකුත් කිව්වේ නෑ සද්ද නැතුව හිටියා හැබැයි මම මගේ හිතින් ගොඩක් ඇඩුවා එදා ඉදන් මම ප්‍රේම ගීත අහන එක නතර කරලා දැම්ම විරහා ගීත හොයා හොයා එකතු කරා ඒ අතරින් කපුගේ සර්ගේ  "මන් මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ " සින්දුවට මම ගොඩක් ආදරේ කරා මගේ room එකට වෙලා තනියම මම ගොඩක් ඇඩුවා දුමිදු හැමදාම මගේ හිත හැදුවත් මම ඔයාට තව තවත් ආදරේ කරන්න පටන් ගත්තා


මේ හැමදෙයක්ම මට කියන්න ඕනේ වුනේ අවුරුදු 2කට විතර පස්සේ මේ ලගදී ඔයාව දැක්කා එත් මම ආදරේ කරපු ඔයා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා මම අයෙ පාරක් al කරනකොට ඔයා NIBM යනවා මමත් දැන් ඉගන ගන්නවා අනාගතේට යන්න මේ හැමදෙයක්ම හිතේ තියාගෙන උනත් සමහර වෙලාවට මට හිතෙනවා දෙවි වරු අපිව හොයාගෙන ඇවිත් අපේ ජීවිත හරි මගට දානවා ඇති කියලා මමත් මගේ ජීවිතේට ජීවත් වෙන පාර හොයා ගත්තා ගොඩ දෙනෙකුට කතාවක් තියනවා කාටවත් කියා ගන්න බැරි සමහර විට වචන නැතුව ඇති අපෝ ඔයාට කතා කරන්න වචන නැති වෙන්නේ කොහොමද ඔයාට එහෙම හිතුනා නේද??

ඔයාට කරපු ආදරේ පාමුල මට මාවම නැති වෙලා ගොඩක් කල් ඇත්තම කිව්වොත් ඔයාට ඔයාගේ ජීවිතේ මුණ ගැහෙද්දි මට මගේ ජීවිතේ අත ඇරිලා  ඔයා දන ගෙන හිටියේ නැනේද  දැනගෙන හිටියත් දැන් මොනවා කරන්නද??? 

සත්තකින්ම දැන් කරන්න කිසිම දෙයක් නෑ කරන්න තියෙන්නේ කවදා හරි දවසක  අපි අපිව නොදැකම මැරිලා යන එක විතරයි හැබැයි තාමත් මට එකම එක හීනයක් තියනවා ඒ තමයි කවදා හරි මට ඔයාව එකම එක සැරයක් හරි එක තත්පරක හරි දකින්න පුළුවන්නන් එත් එකත් හීනයක් විතරක්ම වෙයි 

Thursday, January 24, 2013

ඔයාට පුළුවන්නන් මැරෙන්න කලින් එකම එක පාරක් ආදරේ කියන්න

ඔයාට මම අද කියන්න යන කතාව ඇහුවම ඔය ඇස් විශාල වෙයි මොකද ඔයාගේ මුණ වගේම ඇස් රවුම් හැඩයි හිනා වෙන ඇස් කොහොම මතක තිය ගන්නද ඔයා මගේ ආදරේ කීතු කීතු ඉරලා දාල ගියා මට පේනවා ඔයාට ඔයාගේ එයා එක්ක ඔයාගේ ලෝකේ හදනවා ඔයා හිතනවා ඇති මම නපුරුයි කියලා ඔයාට හිතෙයි ඒත් ඇත්ත ඒක නෙමේ මම තාමත් මග බලනවා ඔය හිනා වෙවී එන්නේ නැති පාර දිහා බලාගෙන සුසුම් හෙලෙනවා මුළු ජීවිතේම හීනයක් කරගෙන ඒ හීනෙ ඇතුලේ තාමත් මම ඔයාව හොයනවා මේක මහා විකාරයක් කියලා දැන් ඔයාට හිතෙයි මුනත් රතු කරන් ඒ කොහොම වෙතත් අයෙත් ඔයාට මව මුණ ගැහෙයි එත් ඔයාට වෙන්නේ මගේ මුණ දිහා බලන් සුසුම් හෙලන්න මොකද මගේ ආදරේ හීනය පාමුල මගේ දෑස් පියවිලා තියෙයි එදාටවත් ඔයාට මගේ ආදරේ තේරුනොත් 

ඔයාව මම මුලින්ම දකින්නේ මගේ ජීවිතේ ඇදන් වැටිලා ජීවත් වෙන එක කුඩු පට්ටම් උන කාලෙක එතකොට මගේ ජීවිතේට අරමුණක් තිබුන් නෑ මොකද්දෝ හේතුවකට මට හිතුනා ඔයාට ආදරේ කරන්න මම එදා පන්ති ඇරිලා යනකොට සුදර්ශන එක්ක ඇත ඉගිල්ලෙන කුරුල්ලෝ දිහා ගාඩර් එකට වෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියා මගේ හිතේ හිටිය කෙල්ලගෙයි ඔයායි සමානද කියලා මම මගේම හිතෙන් ඇහුවා සුදා කිව්වේ "උබට පිස්සු බන්" කියලා

අනිත් උන් ඇවිත් ඔයාගෙයි ඔයාගේ යාලුවන්ගෙයි ඩෙස් බංකු අල්ල ගද්දි මම ඔයා හින්දා ඔයාලට ඩෙස් බංකුවක් අල්ලා ඔයාගේ පිටිපස්සට වෙලා ඔයාට පෙන්නේ නැති වෙන්න ඔයා දිහා බලාගෙන ඉන්නවා එහෙම ඉන්න කොට සර් එකපාරටම මගෙන් අහනවා "මලිත් පුතා plan එක ඇදල ඉවරද??? " කියලා එතකොට තමා මමත් මගේ A 4 එක දිහා බලන්නේ මාර වැඩේ කියන්නේ ඔය දිහා බලන්න ඕනේ හන්දා මම ඒක ඉක්මනට ඇදලා ඉවර කරලා මම ඔව් කියනවා සර් ඇවිත් මගේ plan එක බලලා වැරදි හදනවා

මම හැමදාමත් බලාගෙන ඉන්නවා ඔයාව මට නැවතවතාවක් මුණ ගැහෙන්න මොකද අපේ උපේ කඩයිම හන්ද පන්තිය නතර උන නිසා ඔයාගේ ප්‍රතික්ෂේප කිරීම මගේ හිතේ වේදනාවක් ඇති වුන එක ඔයාට කියන්න ඕනේ එහෙම කිව්වා කියලා ඔයාගේ හිතේ අනුකම්පාවක් ඇති වෙන එකක් නෑ එහෙම උන කියල මගෙත් හිතේ දුකක් ඇති වෙන එකක් නෑ මට මගේ ජීවිතේ ගොඩක් දේවල් මග හැරුන අරමුණක් වෙනුවෙන් ජීවත් වෙනවට වැඩිය ජීවත් වෙන්න ඔය නොදන්නවා උනාට පුරුද්දකට වගේ ඔය ලස්සන හිනාව දකින්න මම හැමදාම පන්ති ආවා එත් හැමදේම හිස් මට ඇහෙන්නේ වේදනාවෙන් මගෙන් හදවත කම්පනය වෙන හඩ විතරයි ඔයාට පුළුවන්නන් මැරෙන්න කලින් එකම එක පාරක් ආදරේ කියන්න මම යනවා

Saturday, January 19, 2013

ඉස්සර වගේ නෙමේ දැන් කාලයයි තාලයයි දෙකම වෙනස් වෙලා සමහර විට ඔයාගේ හිත රිදෙනවා ඇති එත් ඔය හිනා වෙනවා හැබැයි ඒ හිනාව සරදම් හිනාවක් නොවේවායි කියලා  මම හිතනවා  ඔයා ලස්සනට ඇදලා පන්ති ආව  මම මගෙන්ම ඇහුව ඔයාටද ඔයාද මම ආදරේ කරන කෙනා ඔව් මම ආදරේ කරා කෙරුණා ඉබේම මම දන්නෙත් නැතුවම මම ඔයාට ආදරේ කරන්න පටන් අරන්

Friday, January 18, 2013

මම මේ අත්මේ පිං කරලා නැතුව ඇති ඔයාව ලබන්න තරං


දවසක් බස් එකට වෙලා ඉන්නකොට ඔයාත් ඒ බස් එකටම ගොඩ වුනා මම ඔයා දිහා ඔයාට නොපෙනෙන්ඩ බලන් හිටියා ඔයා දන්නෙ නැ මමත් ඒ බස් එකෙම හිටිය කියලා එහෙම දැන ගත්තනන් ඔයා කවදවත් ඒ බස් එකට නගින්නෙ නෑ බහිනකොට ඔයා මාව දැක්ක ඔයා මට බය වෙලා පය ඉක්මන් කරලා ගියා ...........

ඔයාගෙ උපන්දිනේ මම facebook එකෙන් හොයලා ඔයාට තෑග්ගක් අරන් ඒක ඔයට නෙමේ දුන්නෙ ඔයාගේ යලුවෙක්ට ඔයට දෙන්න කියලා එයා ඔයාට ඒක දිල තිබ්බා දැන් ඒක තියනවද නැද්ද මම දන්නෙ නෑ ඒත් මම හිතනවා ඇති කියලා ඔව් මම හිතනව ඔය එකට thanx කරලා තිබ්බා ඒකත් එක්ක ඔයා ගොඩක් හිත රිදෙන දෙවල් ටිකක් මට කියලා තිබ්බා

මම මේ ලගදි දවසක ගම්පහ ගිහින් අපෙ පන්තිය පැත්තෙ ගියා සෙරම අතීතෙට දිරලා ගිහිල්ලා හැම දෙකම ලස්සන පරන වෙලා කලු පොඩි ගේට්ටුවේ එක පියනක් කඩන් වැටිලා ඔයා එනකන් බලන් හිටිය පඩිය නමිනං ගහේ කොල වලින් වැහිල ගිහිල්ලා ඔයා කොහේ මොනවා කරනවා ඇතිද කියලා මට  හිතුනා

පස්සෙ කලෙක මට ආරංචි වුනා ඔයා වෙන කාටද ආදරේ කරනවා කියලා මට ගොඩක් දුක හිතුනා මම හිතං හිටියෙ දවසක හොද තැනකට ඇවිත් ආයේ ඔයාගෙන් අහන්න අපි හිතන පතන දෙවල් අපිට ඕන විදිහටම සිද්ධ වෙන්නේ නෑනෙ මට දැන් ඒක ආදර මතකයක් විතරමයි

මට ඔයාව අහිමි වෙලා එවරයි ඉතිරි මොනද මට ඔයා දුන්න දුක විතරයි එහෙම කියලා මම ඔයාට  චෝදනා කරන්නෙ නැ මං දන්නවා කොහෙ හිතියත් ඔයා සතුටෙන් ඇති කියලා ඉතින් ඒ සතුටට මගෙ දුක එකතු කර ගන්න එපා හිත සැහැල්ලු කරගෙන සතුටින් ඉන්න මේ වගේ දවසක අපි අයෙමත් හමු වෙමු මම මේ අත්මේ පිං කරලා නැතුව ඇති ඔයාව ලබන්න තරං

Monday, December 31, 2012

කාලය හරියට මෙව්වා එකක් වගේ බලන් ඉන්න කොට මෙව්වා වෙලා යනවා. 2012 හරියට මෙව්වා වුනා කියලත් මෙව්වා වුනේ නෑ .. 2013ත් මෙව්වා වෙන්න අත ලඟටම ඇවිල්ලා... ගොඩකලෙකින් මෙව්වා එකක් දන්නා බේරී වුන හින්ද මෙව්වා එකක් දැම්මා :D අවුරුද්ද අන්තිමේදි


කාලය හරියට මෙව්වා එකක් වගේ බලන් ඉන්න කොට මෙව්වා වෙලා යනවා. 2012 හරියට මෙව්වා වුනා කියලත් මෙව්වා වුනේ නෑ .. 2013ත් මෙව්වා වෙන්න අත ලඟටම ඇවිල්ලා... ගොඩකලෙකින් මෙව්වා එකක් දන්නා බේරී වුන හින්ද මෙව්වා එකක් දැම්මා :D අවුරුද්ද අන්තිමේදි 

 2012 ඉවර වෙනවා කියල දැනෙන කොටත් නිකන් හදවත මෙව්වා වෙනවා මම අවුරුද්දක් වයසට ගිහින්.. :D ඒ විතරක් නෙවෙයි එදාට වඩා මම අද ටිකක් නෙමේ ගොඩක් ලස්සන වෙලා , අත්දැකීම් අතින් එදාට වඩා අද , මම පෝසත්. ඒත්........., එදා වගේම අදත්..., මම වෙනස් කරගත යුතුයි, සහ වෙනස් කරගන්න උත්සාහ කළ දේවල් කීපයක් මට කරන්න නොහැකි වෙලා තිබුණා. ජීවිතේ කියන මෙව්ව් එක විදින්න වගේම විදවන්නත් හොදට පුරුදු වුනා මට ලබාගන්න ගොඩක් දේවල් පුළුවන් උනත් මම ආදරේ කරපු කරන මගේ පලවෙනි ආදර අන්දරයට මමත් අදරෙයි මට යන්න ගොඩක් දුරක් තියනවා මට ඕනේ නෑ මේ ලෝකෙට ලොකුම පොසටෙක් වෙන්න එත් මම ආසයි ලස්සනට හිනා  වෙලා විහිළු කරලා ඉන්න මගේ ගමන කොතනින් නතර වෙයිද ඉවර වෙයිද අතරමන් වෙයිද කියල මම දන්නේ නං නෑ මොනවා වෙයිද කියලා එත් වෙන දෙයක් වෙන්න ඉතින්, මම හිතුවා ඒ වුන දේවල් වුන වගේම වෙන්න තියන දේවල් වෙයි මම ආයේ අලුතෙන් ජීවිතේ පටන් ගන්න උත්සාහ කළ යුතු හොඳම කාලෙ තමයි මේ කියලා. අද දවස ඒකට ආරම්භයක් කියලා හිතුවා.සමහරවිට

 මම මෙච්චර වෙලා කියපු මෙලෝ දෙයක් , මේක කියවපු කාටවත් නොතේරුණා වෙන්න පුළුවන්. ඒත් මම ලියන්නෙ මගෙ සතුට වෙනුවෙන්...දුක වෙනුවෙන්.. හිතේ හිරකරගෙනම ඉන්න බැරි දේවල් වෙනුවෙන්... ඇත්තටම ,මම වෙනුවෙන්... ඒක ආත්මාර්ථයද මම දන්නෙ නෑ.. ඒත් , මම කිව්වෙ කියන්න හිතුනු දේ.:)

ජීවිතේ සමහර කාලවලදි අපිට හිතෙන්න පුළුවන්, අපි එකතැනක නැවතිලා උන්නා වැඩියි කියලා. තවත් සමහරක්විට අපි එකතැනම පල් වුනා කියලා හිතෙන්න පුළුවන්. මේ මටනම් ඕක අනන්තවත් වාරයක් හිතිලා තියෙනවා.

වචන හරිම ලේසියි. අකුරු අමුණලා කියන්න ඊටත් ලේසියි. ඒත් වචන ක්‍රියාවට පරිවර්තනය කරන්න ලේසි නැති වග හුඟක් අය දන්නවා ඇති.. හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ කියනවානෙ. අන්න ඒ කියමන අනුගමනය කරලාවත් මෙදා සැරේ මම හිතුවෙ , වෙනස් වෙන්න කියලා. :D හැබැයි මෙදා සැරේනම් විශ්වාසනීය වෙනසක් ඇති කරනවාම තමයි!!

අනේ අපොය් ජීවිතේ මර fun මම එක දන්නවා එත් හිතෙන තාමත් තමන් ආදරේ කරපු එකම එක්කෙනෙක්ට තාමත් නොපෙන්නේ හදවති ආදරේ කරන මහා සමුල ගතනයක පෙර නිමිත්තක්ද අනේ මන්ද  මම පොඩි කලේ ඉදන් දන්නේ මට මොන හරි දෙයක් ඕනනං හොදින් හෝ නරකින් අන්න ඒ දෙය මම කොහොම හරි ලබා ගන්නවා ජීවිතේ මට එහෙම ලබා ගන්න බැරි දේවලුත් තියනවා මට කියල දුන්නේ ලස්සන පුංචි අහිංසක කෙල්ලෙක් එත් මම තාමත් එයට ආදරේ කරන්නේ මොන දෙකටම මන්ද එයාව අමතක කරන්න කියල මම තව කෙල්ලෝ කී දෙනෙක්ගේ හිත රිද්දුවද හ්ම්ම්ම්ම්ම්ම් මට එයාව ලබන ආත්මෙත් හම්බෙන්නේ නැති වෙයි ඇයි  ගිය ආත්මේ කරපු පව් මම මේ ආත්මෙත් ඒ විදිහටම කරා අනේ මන්ද .........!!!!!!!!! ජීවිතේ කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා හිතෙන, එහෙම නැත්තම් නොලැබෙන බව දන්න, ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති දෙයක්/දේවල් වෙනුවෙන් මඟ බලන් ඉන්න එක මෝඩ කමක්ද?

 එහෙම කියලා හුඟක් අය කියනවා. නිකමට කල්පනා කලාම මටත් එහෙම හිතුණු වෙලාවල් තියෙනවා. එහෙමයි කියල මම කී පාරක් අමතක කරලා හිත හද ගන්න try කරලා තියද මුළු ලෝකෙම ඉස්සරහට යද්දි, තමන් විතරක් ආපස්සට යන්න හදනකොට..., හරි දුෂ්කරයි!!!ඒක හරි අමාරුයි.. අපි එනකම් ලෝකෙම නැවතිලා ඉන්නෙ නෑනෙ. කාලෙ නැවතිලා ඉන්නෙත් නෑ.. ආපහු හැරිලා බලද්දි ," අනේ අපරාදෙ.." කියලා හිතෙන තරමට කාලකණ්නියෙක් වෙලා උන්නු තැන් තිබ්බා. "ගෙවිලා තියෙන්නෙ මගේ ජීවිතේ හොඳම ලස්සනම කාලෙ" කියලා හිතිච්ච වෙලාවල් තිබ්බා. ඒත්....,

සිතුවිලි වෙනස් වෙනවා. අදහස් අලුත් වෙනවා, එකතුවෙනවා, අඩුවෙනවා.. අවසානෙ අරමුණු/ඉලක්ක අමතක වෙනවා.....මටත් එහෙම වුනා. ආදරේ ආදරේ කියලා  අපි දුවන  තමන්ටත් වඩා වෙන අයට ආදරේ කරන්නේ මොකද මන්ද මමත් ආදරේ කියල මට කිව්වා කෙල්ලන්ටත් ආදරේ කර හදවතින්ම එත් උනුත් කරලා තියෙන්නේ අපේ මේ අහිංසක ජීවිතේ එක්ක සෙල්ලමක් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....!!! සමහර මායාවල් අපිව රවට්ටලා නොපෙනිලා යනකම් අපි දන්නෙ නෑ, අපි රැවටුණා කියලා.ඒත් හැමදේකටම ප්‍රමාණයක්, සීමාවක්, කාලයක් තියෙනවා.. මම හිතන්නෙ දැන් තමා හොඳම කාලෙ. දැන් සීමාව ඉක්මවලා ඉවරයි. ප්‍රමාණය ඕනෑවටත් වඩා. ඉවසල ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනෙ කිව්වට, හැම ඉවසීමක් අවසානෙම සැනසීමක් නැතිවෙන්න පුළුවන්.. සමහරවිට ඉවසන්න ඕනෙ සීමාව ඈත වැඩි වෙන්න පුළුවන්.. මම කවදා හරි අයෙමත් ආදරෙන් හිරු TV  මෙව්වා එකෙන් මගේ ආදරෙත් වචන වලට පෙරලලා මුළු ලෝකෙටම කියනවා යේ ආදරේ නං කරන්නේ නැති වෙයි ගිනි පෙනේල්ලෙන් මෙව්වා කාපු මිනිහා කණාමැදිරි  එළියටත් මෙව්වා වෙනවනේ අන්න එක හඬ මමත් ගොඩක් දැන් බය වෙලා ඉන්නේ 

තවත් අරමුණු කල් දාලා පලක් නෑ.. තවත් අතීතෙ වෙනුවෙන් බලන් ඉඳලා ලැබෙන සැනසීමක් නෑ.. මැරුණු අතීතෙට පණ ගන්න ආයෙත් නම් බෑ...ඒ නිසා අතීතයට වැළලෙන්න ඉඩ දීලා, මම අනාගතේ වැළඳගන්න තීරණේ කලා. 

ඒත් මම තාමත් ඔයාට ආදරෙයි ඔය කොහේ හරි ඒදන් මේක කියවනවනන්  ඔයාට ඒක  තේරෙයි හ්ම්ම්ම්ම්ම්ම්ම් හැමදාම වගේ අදත් මේකම හිතල හිත හදා ගන්නවා ඔව්... හැමදේම වෙන්නෙ හොදටයි!!!!!! ජය වේවා!!